ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයෙන් 10 දෙනෙකු මරුට 48 දෙනෙකුට තුවාල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 4, 2017

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයෙන් 10 දෙනෙකු මරුට 48 දෙනෙකුට තුවාල

ඊයේ රාත්‍රී 10ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිදුවූ ත්‍රස්ත  ප්‍රහාරයෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 48 දෙනෙකු තුවාල ලබා ඇත. මේ අය අතුරින් 18 දෙනෙකු බරපතල තත්වයේ බවද වාර්තාවේ.

ලන්ඩන් පාලම මතින් වැන් රථයක පැමිණි සැකකරුවන් අධික වේගයෙන් ජනතාව යටකරමින් ගොස් තිබුණ අතර අනතුරව වෑන් රථයෙන් බැස තිදෙනෙකු එම ස්ථානයේ සිටි පිරිස් වෙත විශාල පිහිවලින් පහරදුන් බව විදෙස් වාර්තාවල සඳහන් විය. පාලම අසල බරෝ වෙළෙඳපොළේ මත්පැන් අළෙවිසැල් සහ ආපනශාලා අසලට ගිය සැකකරුවන් එහි සිටි පිරිස්වලට ද පිහි ප්‍රහාර එල්ලකර ඇත.

සිද්ධිය ගැන දැනුවත්වී පොලිසිය එල්ල කළ ප්‍රහාරවලින් සැකකරුවන් තිදෙනාම මිය ගොස් ඇත. මෙය මාස දෙකක් තුළ තෙවැනි වතාවටත් ලන්ඩන් නුවර සිදුවූ ප්‍රහාරයකි. මෙම ප්‍රහාරය එල්ලවන ඊයේ වනවිට එරට මහමැතිවරණය පැවත්වීමට දින පහක් පමණක් ඉතිරිව තිබීම විශේෂ විය.











No comments:

Post a Comment

Post Bottom Ad