ලන්ඩන් ප්‍රහාරයෙන් ට්‍රම්ප්ගේ රතු කට්ට පනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 4, 2017

ලන්ඩන් ප්‍රහාරයෙන් ට්‍රම්ප්ගේ රතු කට්ට පනී

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්ථාන තුනකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන්  අනතුරුව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

පුද්ගලයන් හය  දෙනෙකු පමණ මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණා. තම ට්විටර් පණිවිඩය මගින් ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දෙන්නේ සංචාරක තහනම අමතර ආරක්ෂාවක් සපයන බවයි. මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන රටවල් කිහිපයකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පනවනු ලැබූ සංචාරක තහනම යළි බලාත්මක කරන්නැයි ධවල මන්දිරය එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව ද විදෙස් වාර්තා ඊයේ (3) සඳහන් කර තිබුණා.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ  එම සංචාරක තහනම පනවන ලෙස ධවල මන්දිරය එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත  ඉල්ලූම්පත‍්‍ර දෙකක් යොමුකර ඇති බවයි.මෙලෙස සංචාරක තහනමක් පැනවීමට ට‍්‍රම්ප් පාලනය තීරණය කළේ ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල්වලටයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  ට්විටර් පණිවිඩය පහතින් දැක්වෙනවා.



No comments:

Post a Comment

Post Bottom Ad