සුදු මහත්තයා අත්වැල්තොට ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු වාහන විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලැබුවා. සුදු මහත්තයාගේ ව්‍යාපාරික ස්‌ථානය පිහිටා තිබුණේ නාය යෑමෙන් බේරුණ අත්වැල්තොට ශ්‍රී ගංගාරාම විහාරය පන්සල ආසන්නයේයි.
නායයෑමේ අවදානම දැන ගැනීමත් සමඟ එම ව්‍යාපාරිකයාගේ නැඟණිය ඇතුළු පිරිසක් ඔහුට එම ස්‌ථානයෙන් ඉවත්ව යන ලෙස අනතුරු ඇඟවූවද එහෙත් ඔහු එය ගණන් නොගෙන එම ස්‌ථානයේම රැඳී සිටි අතර ඉන් විනාඩි පහකට පමණ පසු සුදු මහත්තයා සහ ඔහුගේ විකිණීමට තිබූ වාහන ඇතුළු සියලුම දේපළ පස්‌වලට යටවී ගොස් තිබෙනවා. ඔහුගේ මළසිරුර අසළ තිබී ආරක්‌ෂිතව ඔතා තිබූ පාර්සලයක් හමුවී තිබුණ අතර එය විවෘත කර බැලීමේදී රුපියල් ලක්‍ෂ පහක පමණ මුදලක් එහි තිබී තිබෙනවා.
පසුව විපරම් කිරීමේදී දැන ගන්නට ලැබී ඇත්තේ සුදු මහත්තයා ව්‍යපාරිකයකු වුවත්, බැංකු සමඟ අඩුවෙන් ගනුදෙනු කළ පුද්ගලයකු බවයි. ඔහු සියලුම ධනය නිවස තුළ තිබූ ආරක්‌ෂිත සේප්පුවක තැන්පත් කර ඇති අතර මියයන විට එම සේප්පුව තුළ කෝටි හතකට අධික මුදලක් තිබී තිබෙනවා. නායයෑම නිසා එම සේප්පුවද අතුරුදන් වී ඇති අතර ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් තවමත් පස් යට සැඟවී ඇති එම සේප්පුව සොයන බවයි පැවසෙන්නේ.
Sunday, June 4, 2017
සේප්පුව නිසා නායට බිළිවූ 'අත්වැල්තොට සුදු මහත්තයාගේ' කෝටි හතක සේප්පුව හොයන මිනිස්සු
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment