වරාය නව සභාපතිගේ පැටිකිරිය ෆීජි රටෙන් හෙලිවේ.. ෆීජිලීක්ස් සියල්ල හෙලි කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

වරාය නව සභාපතිගේ පැටිකිරිය ෆීජි රටෙන් හෙලිවේ.. ෆීජිලීක්ස් සියල්ල හෙලි කරයි..

වරාය අධිකාරියට පත්කොට ඇති නව සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක ශ්‍රීලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරි ජයවර්ධනගේ ලගම හිත්වතකු වන අතර මොහු මීට පෙර රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස සිටි පුද්ගලයෙකි. එමෙන්ම මොහුගේ නව පත්වීම පිටුපස සුප්‍රසිද්ධ දේශපාලන මෙන්ම තවත් අයෙකු සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි. Link

ශ්‍රීලංකාව එන විදේශීය ආයෝජන වෙනුවෙන් මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියාත්මක වන මොහු සහ ඔහුගේ හිතවතා වන හැරි ජයවර්ධන විසින් ලෝකයේ ඕනම රටක් සමඟ ආණ්ඩු දෙකක් අතර සිදුවන ගණුදෙනු සඳහා මැදිහත් කරුවෙකු ලෙස ක්‍රියා කරන පුද්ගලයින්ය. එමෙන්ම ඔහු හැරි ජයවර්ධනට අයත් එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අතර ඔහු ෆැසිෆික් දූපත් වල පිහිටි ෆිජි රාජ්‍යයේ ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබයි.

පරාක්‍රම දිසානායක ෆිජි රාජ්‍යයේ ශ්‍රිලංකා කොන්සල් ජන්රාල්වරා ලෙස කටයුතු කෙරෙනු සමයේදි තම සමාගමක් වන සයිනෙක් CINEC සමාගම හරහා ෆිජි රාජ්‍යයේ නාවික විද්‍යාලය ආරම්භ කිරීමට එම ආණ්ඩුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක් එනම් රුපියල් මිලියන 154 ක් ලබාගෙන ඒ සඳහා කිසිම කටයුත්තක් මෙතෙක් සිදු නොකොට ඇති බැව් ෆිජිලීක්ස් වෙබ් අඩවිය සඳහන් කරයි.

මෙම ගිවිසුම ෆිජි ආණ්ඩුව සමඟ අත්සන් කොට ඇත්තේ 2014 වර්ෂයේ දීය. එමෙන්ම ඒ සඳහා ෆිජි රාජ්‍යයේ අමාත්‍යවරයෙකු මෙන්ම එරට නීතිපති ලෙස කටයුතු කරන අයියාස් සේඩ් සමඟ මෙම ගිවිසුම අත්සන් කොට ඇති බවයි. එම ඇමතිවරයා සම්බන්ධවත් එරටේ දූෂණ චෝදනා රාශියක් එල්ල වී ඇති අතර ඔහු මේ දිනවල නිවාඩුවක් ගතකිරීම සඳහා ශ්‍රීලංකාවේ සංචාරයක යෙදි සිටින බැවින් ඒ සඳහා වියදම් දරන්නේ කවුද යන්නත් ෆිජිලීක්ස් වෙබ් අඩවිය වැඩිදුරටත් ප්‍රශ්න කරයි. Link



ලංකා සී නිවුස්

No comments:

Post a Comment

Post Bottom Ad