“මේ කළ උදව්ව කිසිදා අමතක කරන්නේ නෑ..” – මුස්ලිම් ජනයාගේ ගැටලුව ක්ෂණයෙන් විසදූ ඩලස්ට මුස්ලිම් ජනයාගෙන් ප‍්‍රතිඥාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

“මේ කළ උදව්ව කිසිදා අමතක කරන්නේ නෑ..” – මුස්ලිම් ජනයාගේ ගැටලුව ක්ෂණයෙන් විසදූ ඩලස්ට මුස්ලිම් ජනයාගෙන් ප‍්‍රතිඥාවක්

මාතර දිස්ත‍්‍රික් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් මාතර දිස්ත‍්‍රික්කයේ ජනතා අවශ්‍යතා සොයා ආපදාවට ලක්වූ සියලු ගම්මාන වෙත  ගමන් කරමින් සිටින විටදී අකුරැස්ස ,ගොඩපිටිය ප‍්‍රදේශයේදී ඔවුන් ගමන් ගත් වාහනය ගොඩපිටිය පල්ලියේ මුස්ලිම් බැතිමතෙකු විසින් නවත්වා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු මුස්ලිම් පල්ලියට කැදවාගෙන ගොස් තිබෙන බව වාර්තා වෙයි.

එහිදී මාතර දිස්ත‍්‍රික් ඒකාබද්ධ විපක්ෂ නායක ඩලස් අලහප්පෙරුම මහතා ගෙන් අදාල පල්ලියේ සභාපතිවරයා විශේෂ ඉල්ලීමක් කර ඇත.එනම් ගොඩපිටිය ප‍්‍රදේශයේ මුස්ලිම් ජනයාට අයත් ලිං 110ක් තවම පිරිසිදු කොට නොමැති බවත් එම ප‍්‍රදේශවල සිටින ජනයා දැඩි ජල ගැටලුවකට මුහුණ දී සිටින බවත් ඔවුන් ඩලස් අලහප්පෙරුම මහතා ඇතුලු මන්ත‍්‍රී කණ්ඩායමට දන්වා තිබේ.

එහිදී ඩලස් අලහප්පෙරුම මහතා ක්ෂණයෙන් ක‍්‍රියාත්මක වී අදාල ගැටලුව නිරාකරණය කර ඇති අතර එම කල මෙහෙයට ස්තූති කල මුස්ලිම් බැතිමතුන් එය කිසිදා අමතක නොකරන බවට  ප‍්‍රතිඥා දී ඇත. මේ සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරු,මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර හා නිරෝෂන් පේ‍්‍රමරත්න යන මහත්වරු සහභාගී වී තිබේ.








No comments:

Post a Comment

Post Bottom Ad