ලෝකයේ වටිනාම ඛනිජ වැලි නිධිය පිහිටි ත්‍රිකුණාමල පුල්මුඩේ ඛනිජ වැලි සමාගම කිසිම මුදලක් අයකර නොගෙන නිෂ්පාදන ආදායමෙන් කොටසක් ආණ්ඩුවට ලබාදෙමේ පදනම මත ඉන්දියානු සමාගමකට විකිණීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අදාළ ආයතනය අයත් අමාත්‍යාංශය භාර අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හරහා කැබිනට් අනුමැතිය සඳහා හෙට පැවත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.
කෝටි ගනන් වාර්ෂිකව මහා භාණ්ඩාගාරය වෙත මුදල් ලබා දෙන සි.ස ලංකා මිනරල් ඇන්ඩ් සෑන්ඩ්ස් සමාගම පූර්ණ රජයට අයත් සමාගමක් වන අතර කිසිම තරගකාරි ටෙන්ඩර් කැදවීමකකින් තොරව නව ක්‍රමවෙදයක් භාවිතා කරමින් එනම් ස්විස් මෙතඩ් Swiss Method ලෙස හදුන්වා දෙමින් මෙම විකිණීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව පිලියෙල කොට ඇත.
මේ අනුව ආණ්ඩුවට කිසිම මුදලක් ලංක මිනරල් ඇන්ඩ් සෑන්ඩ්ස් සමාගම මිලදි ගන්නා ඉන්දිය සමාගම මගින් ගෙවනු නොලබන අතර ඛනිජ වැලි අලෙවි කොට ලැබෙන මුදලින් කොටසක් පමණක් රජයට ගෙවීමට නියමිතය. ලංක මිනරල් ඇන්ඩ් සෑන්ඩ්ස් සමාගම 2011 වසරේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 1107 ක් වූ අතර 2012 දි එය මිලියන 1373 ක් බව මුදල් අමාත්‍යාංශයේ 2012 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
මෙම ගනුදෙනුවේ විශාල කොමිස් මුදලක් රටේ ප්‍රධාන දේශපාලඥයකුගේ සහෝදරයෙකුට මෙන්ම සුලු ජාතික දේශපාලඥයකුගේ සාක්කුවට දීර්ඝකාලීනව යන ආකාරයෙන් අවශ්‍ය ගිවිසුම අදාළ ඉන්දීය සමාගම වෙනුවෙන් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති අතර මේ හරහා ත්‍රිකුණාමල සිට නැගෙනහිර වෙරළේ වටිනා මුහුදු තීරයක අයිතිය ද එම ඉන්දිය සමාගමට අයත් වීමට නියමිතය.
Monday, June 5, 2017
Home
අනාවරණ
කෝටිගණනක් වටිනා පුල්මුඩේ ඛනිජවැලි ඉන්දියානු සමාගමකට නොමිලේ.. ඒකට කියන්නේ ස්විස් මෙතඩ් ලු… හෙට කැබිනට් අනුමැතියට..
කෝටිගණනක් වටිනා පුල්මුඩේ ඛනිජවැලි ඉන්දියානු සමාගමකට නොමිලේ.. ඒකට කියන්නේ ස්විස් මෙතඩ් ලු… හෙට කැබිනට් අනුමැතියට..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment