ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන මස බංගලිදේශයේ සිවුදින නිල සංචාරයක නිරත වීමට නියමිතය. ලබන මස 13 වෙනිදා සිට 16 වෙනිදා දක්වා ජනාධිපතිවරයා බංග්ලාදේශයේ සිටින අතර ශ්‍රීලංකාවේ ජනාධිපතිවරයෙකු බංගලිදේශයේ සංචාරයක නිරත වන්නේ වසර 6 කට පසුව බව ලංකාදීප පුවත් පත වාර්තා කරයි.
එමෙන්ම එම පුවත්පත වැඩි දුරටත් වාර්තා කොට ඇත්තේ මෙය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පලමු බංග්ලාදේශ නිල සංචාරය බවත් එහිදි මෙරට ආපදා තත්ත්වයට පත් වු ජනතාවට ඩොලර් ලක්ෂ 5 ක් පමණ ආසන්න වශයෙන් රුපියල් 8 කෝටියක් සහනාධාර දීමට එකඟතාවය පල කර ඇති බවයි. ඊට අමතරව විශේෂ වැදගත් කිසි දෙයක් එම සංචාරය සම්බන්ධව එම පුවත්පත වාර්තා කොට නොමැත.
ශ්‍රීලංකාවේ රාජ්‍ය නායකයකු නිල සංචාරයක ප්‍රථම වරට මේ මාසයේ මුලදි ඕස්ට්‍රේලියා ගිය බවත් ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බවත්, එහිදි ශ්‍රීලංකාව වැදගත් ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිතය යන්න ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කොට තිබුණි.
එහෙත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් මෙම වසරේ පෙබරවාරි මස 14-17 වෙනි දිනවල ඕස්ට්‍රේලියාවේ නිල චාරිකාවක් කොට අත්සන් කරන ලද ගිවිසුම් වෙනුවෙන් එම ගිවිසුම තවත් ශක්තිමත් කිරීමට ශ්‍රීලංකාවේ ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන බව ඔස්ට්‍රේලියානු අගමැතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට තිබුණි.
එහෙත් පසුගිය දා ශ්‍රීලංකාවේ ජනාධිපතිවරයා කල ඉතාම වැදගත් ඕස්ට්‍රේලියානු සංචාරය සම්බන්ධව දෙරටේ ඒකාබද්ධ නිවේදනයක් මේ දක්වා දැක ගැනීමට මාධ්‍ය සඳහා ඉදිරිපත් කොට නොතිණි. එහෙත් මෙරට අගමැතිවරයා ඕස්ට්‍රේලියාවේ කල නිල සංචාරය සම්බන්ධව ඕස්ට්‍රේලියානු හා ශ්‍රීලංකාවේ අගමැතිවරයා විසින් ඕස්ට්‍රේලියාවේදී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කලහ.
එම නිවේදනය මෙතනින්
Thursday, June 8, 2017
ජනාධිපති බංගලිදේශයට… ගංවතුර ආධාර ලෙස මිලියන 70ක් දෙයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment