මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකෙරෙන මහනුවර පිටත වටරවුම් මාර්ගය හා
මාතර කතරගම අධිවේග මාර්ගහී රක්ෂණ ආවරණ හොර පාරේ ලබා දෙමින් මහාමාර්ග
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ දියණිය මෙන්ම පෞද්ගලික ලේකම්
චාන්දණී කිරිඇල්ල රුපියල් මිලියන 300ක් උපයා ඇතිබව වාර්තාවේ.
මේ සදහා ඇයට සහාය ලබාදී ඇත්තේ කිරිඇල්ලගේ රක්ෂණ උපදේශකවරයා වන චමින්ද ඩී
සිල්වා විසිනි. මෙම චමින්ද ඩී සිල්වා හැරී ජයවර්ධනට අයත් කොන්ටිනන්ටල්
රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන අතර ඔහුගේ මැදිහත්වීම මත ඔහුගේ
හිතවතියක විසින් පවත්වාගෙන යන රක්ෂණ තැරැව්කාර සමාගමක් වන PRO SITE
INSURANCE BROKER Company හරහා සෙලින්කෝ රක්ෂණ සමාගම වෙත අදාල ඉදිකිරීම්
රක්ෂණය ලබාදී ඇත.
මහින්ද රාජපක්ෂ රජය යටතේද මාර්ග සංවර්ධන අධිකාරියේ රක්ෂණ ආවරණ ලබාදීමේදී
සිදුවූ කොමිස් මුදල් වංචාවක් ගැන එවක අමාත්‍ය නිර්මල කොතලාවල විසින්
පැමිණිලි කල පසුව මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ලැබෙන කොමිස් මුදල් මාර්ග
සංවර්ධන අධිකාරියේ සුභ සාධක අංශය වෙත බැර කිරීමට උපදෙස් ලබාදෙන ලදි. ඒ අනුව
මාර්ග සංවර්ධන අධිකාරියේ සුභ සාධක අංශය වෙත රක්ෂණ තැරැව්කරුවෙකුට ලැබෙන
හිමිකම් අංකය පවා ලබාදී තිබිණ.
Wednesday, June 7, 2017
කිරිඇල්ලගේ දුව මිලියන 300ක් කොමිස් ගහයි!
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment