වාහන කොල්ල කෑ ‘කොළඹ පාසැල් සිසුන්ගේ කල්ලිය’ හසුවේ! – ඒ කොළඹ ඉස්කෝලේ මොකක්ද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

වාහන කොල්ල කෑ ‘කොළඹ පාසැල් සිසුන්ගේ කල්ලිය’ හසුවේ! – ඒ කොළඹ ඉස්කෝලේ මොකක්ද?

කුලී රථ සේවාවල රියදුරන්ට උල් පිහි පෙන්වා බිය ගන්වා ඔවුන් සතු රන් භාණ්‌ඩ, ජංගම දුරකථන හා මුදල් කොල්ලකෑමේ නිරත වූ කොළඹ ප්‍රදේශයේ පාසලක සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු  අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය  සමත්ව තිබෙනවා.

කොල්ලකෑ ජංගම දුරකථන හයක්‌ සහ සොරාගත් යතුරුපැදියක්‌ ද මෙහිදී සොයා ගත්  බවයි වාර්තා වන්නේ. සැකකරුවන් කොල්ලකෑ දේපළවල වටිනාකම රුපියල් ලක්‍ෂ හයකට අධික බව එම ඒකකය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17, 18 යන වයස්‌වල පසුවන්නන් බවත්, මොවුන් පිළියන්දල, කිරුළපන පදිංචිකරුවන් බවත් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සඳහන්  කළා.

මොවුන් පිළියන්දල, කඩුවෙල, බොරලැස්‌ගමුව, රාජගිරිය යන ප්‍රදේශවලදී කුලී රථ සේවාවල රියදුරන් ගමන් යාම සඳහා කැඳවාගෙන ගොස්‌ පාළු ස්‌ථානවලදී උල් පිහි ගෙළට තබා දෙඅත්  අසුනේ ගැට ගසා පසුව ඔහු සතු ජංගම දුරකථන, රන් භාණ්‌ඩ, මුදල් කොල්ලකා ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad