සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරයේ නොදැවුණු විශිෂ්ට ඉනිමෙන් Specsavers County Championship තරගාවලියේ Middlesex කණ්ඩායම සමගින් පැවැත්වෙන සිව්දින තරගයේ පළමු දිනයේදී ප‍්‍රබල ස්ථානයක පසුවීමට සරේ කණ්ඩායම සමත් වුණා..
අයහපත් කාලගුණය නිසා පළමු දිනයට තරගය නතර කරන විට Surrey කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 265ක් ලබා ගෙන සිටියා. කුමාර් සංගක්කාර දුවද්දී දැවී යාමකට පහසුවෙන් හසුකරගැනීමට තිබු අවස්ථාවක් Middlesex කණ්ඩායමට අහිමි වී ගිය අතර ලැබුණු වාසනාවෙන් උපරිම ප‍්‍රයෝජන ගත් සංගක්කාර දිනය නිමා වන විට හයේ පහර 2ක් හා හතරේ පහර 12ක් සමගින් නොදැවී ලකුණු 113ක් ලබා ගෙන සිටියා.
පන්දු යැවීමේදී Middlesex කණ්ඩායම වෙනුවෙන් ස්ටීවන් ෆින් හා ජේම්ස් ෆ්රැන්ක්ලින් කඩුලු 02බැගින් දවා ගැනීමට සමත් වුනා.
තරගයේ ලකුණු පුවරුව පහතින්....
Saturday, May 20, 2017
දුවද්දී දැවීයාමෙන් බෙරුණු සංගක්කාර විශිෂ්ට ශතකයකින් පිටිය සරසයි(VIDEO)
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment