ශ්‍රී පාද රක්ෂිතයේ සැරි සැරූ ගොනෙකු අල්ලා මස් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් සැකපිට නල්ලතනිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඊයේ (19) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මස්කෙලිය ලකම් වතු යායේ පදිංචි මෙම සැකකරුවන් ඊයේ රාත්‍රී මන්දක් අටවා ගොනකු අල්ලා මස් කරමින් සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් වෙත ලද තොරතුරක් මත ක්‍රියත්මක වු නිලධාරින් ඊයේ රාත්‍රි නමයට පමණ මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා මස් තොගය අද හැටන් මහෙස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි. මෙම සැකකරුවන් තිදෙනා ශ්‍රී පාද රක්ෂිතයේ සැරිසරන ගොනුන් මරා මස් කර අලෙවි කිරිමේ ජාවරමක කාලයක් තිස්සේ සිදු කරන අය බවටද දැනට කරන ලද මූලික පරික්ෂාවලින් කරුනු අනාවරනය වි ඇති බවයි වාර්තා වන්නේ.
රංජිත් රාජපක්ෂ
Channel4.lk
Saturday, May 20, 2017
Home
ආරක්ෂක පුවත්
ශ්‍රී පාද අඩවියේ සැරිසැරූ ගොනකු මස් කළ සැකකරුවන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට - PHOTOS
ශ්‍රී පාද අඩවියේ සැරිසැරූ ගොනකු මස් කළ සැකකරුවන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට - PHOTOS
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)





No comments:
Post a Comment