ට්‍රම්ප් සෞදි අරාබියට පැමිණෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 20, 2017

ට්‍රම්ප් සෞදි අරාබියට පැමිණෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය ප්‍රථම නිළ විදෙස් සංචාරය ආරම්භ කරමින් සෞදි අරාබියේ රියාද් නුවරට අද පැමිණියා.

නව පරිපාලනය ඇමරිකාව තුළ විවිධ ගැටළුවලට මුහුණ දී සිටියදී ජනපති ට්‍රම්ප් සිය මැදපෙරදිග සංචාරයේදී ත්‍රස්තවාදයට එරෙහිව නව සන්ධානයන් ගොඩනැගීමට උත්සාහ කිරීමයි මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ.

ජනපති ට්‍රම්ප් රැගත් එයාර්ෆෝස් වන් - ගුවන් යානය රියාද් ගුවන් තොටුපළට ගොඩ බසින අවස්ථාවේ ඔහු පිළි ගැනීමට සෞදි රජු ද පැමිණ සිටියා. සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙස සෞදි අරාබිය හෝ මුස්ලිම් බහුතරයක් වෙසෙන රටක් තෝරා ගත් ප්‍රථම ඇමරිකානු ජනාධිපතිවරයා වන්නේ ද ඩොනල්ඞ් ට්‍රම්ප් වීම විශේෂත්වයක්.

No comments:

Post a Comment

Post Bottom Ad