මවගේ නිවසට නිතර පැමිණෙන පුත්‍රයෙකු කළ පාප කර්මයක් ගැන මීගමුව ප්‍රදේශයෙන් අසන්න ලැබෙනවා. එම පුතා සහ මව වෙන වෙනවම නිවාස දෙකක වාසය කර ඇත. 80 වියැති මවට දරුණු ලෙස පහර දෙන මේ පුත්‍රයා ඇගේ බඩ පාගාගෙන දේපළ ඔහුට ලබාදෙන ලෙසට ඉල්ලා සිටීම පුරුද්දක් කරගෙන සිට ඇත.
පුතාගේ මේ වද බන්ධන ඉවසිය නොහැකි අවස්‌ථාවේ මහලු මව පොලිසියේ පිහිට පතා ඇති අතර එහිදී පොලිසිය දෙපාර්ශ්වය අධිකරණය හමුවට පැමිණ වූ අවස්‌ථාවේ විසඳුමක් පතා මව සහ පුතා සමථ මණ්‌ඩලය වෙත යොමුකර තිබෙනවා. එහිදී සිය මවගේ දේපළ ඉඩකඩම් ආදිය තමා නමට පවරන ලෙස ඉල්ලා "තෝ මාව හැදුවේ මේ බඩ තුළ තියාගෙන" දැයි ප්‍රශ්න කරමින් තම 80 වියෑති වයෝවෘද්ධ මවට පහරදී ඇගේ බඩ පෑගීම පුතා නිතර සිදුකළ බවට ද හෙළි වී තිබෙනවා.
සමථ මණ්ඩලයට යොමු කළ ද විත්තිකාර පුතා සමථ මණ්‌ඩලය හමුවේ පෙනී නොසිටීම නිසා ඔහුට යළිත් වරක් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කර ඇත. ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා පැමිණිලිකාර මවගෙන් "ඉල්ලා සිටින සහන මොනවා දැයි" ප්‍රශ්න කළ අවස්‌ථාවේ තමා පුතාගේ කෘර පහරදීම්වලින් මුදා දෙන ලෙසට බැගෑපත්ව ඉල්ලීමක් කර තිබෙනවා.
අධිකරණ නියෝග මත තම මහලු මවගේ දෙපා වැඳ සමාව ඉල්ලීමේන් අනතුරුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා විත්තිකාර පුත්‍රයාට යළි තම මවට හිරිහැර නොකරන ලෙස තරයේ අවවාද කර තිබෙනවා. මේ සිදුවීම වාර්තා වන්නේ පසුගිය 18 වනදායි.
Saturday, May 20, 2017
80 වියැති මවගේ බඩ පාගාගෙන වද දෙමින් දායාද ඉල්ලූ පුතාට උසාවියෙන් ලැබුණු දේ
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment