ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙවන් සාකච්ඡාවක් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ නිල න්‍යාය පත්‍රයේ නොතිබුණු නමුත් හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත මෙම අවස්ථාව ලබාදුන් බව ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මහතාද එක්ව ඇත.
ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැතිවරයා ගංගාරාමයේ වෙසක් කලාපය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති මන්දිරයේ පැවැත්වූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගිවීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස හමුවී තිබේ. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සමග ඉතාමත් සුහදශීලි සාකච්ඡාවක් පැවති බව ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කර ඇත.

No comments:
Post a Comment