ජාත්‍යන්තර වෙසක් උළෙල ඇරඹේ  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 12, 2017

ජාත්‍යන්තර වෙසක් උළෙල ඇරඹේ 

ජාත්‍යන්තර වෙසක් උළෙල ඇරඹේ 
ශ්‍රී ලාංකීය සම්බුද්ධ ශාසනයට නව පිටුවක් එක් කරමින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම අවස්ථාවේ දී පිළිගනු ලැබීය. මහාවිහාර වංශික ස්‍යාමෝපාලී මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ විසින් පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවූහ. 

මෙම අවස්ථාවට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, කතානායක කරූ ජයසූරිය මහතා, අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටිති.

ලෝකයේ බෞද්ධ රටවල් ඇතුළුව රටවල් 80 ක විශේෂ නියෝජිතයෝ රැසක් ජාත්‍යන්තර වෙසක් උළෙල සඳහා සහභාගි වී සිටිති. ජාත්‍යන්තර වෙසක් උළෙල එළඹෙන 14 දා තෙක් පැවැත්වීමට නියමිත අතර එය 'සමාජ සාධාරණත්වය හා තිරසාර සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම්' යන්න තේමාව කරගනිමින් පැවැත්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad