මෝදි එයි - මෛත්‍රීගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 12, 2017

මෝදි එයි - මෛත්‍රීගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

මෝදි එයි - මෛත්‍රීගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්
ජාත්‍යන්තර වෙසක් දින උළෙලෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ (11) රාත්‍රී කොටුව ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍ර‍ථම කාර්ය වූයේ කොළඹ හුණුපිටිය ගංගාරාම වෙසක් කලාපය විවෘත කිරීමයි.
එම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා සමඟ පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මැති ඇමැතිවරුන් හා ගංගාරාම විහාරස්ථ දායක සභාව විසින් පිළිගන්නා ලදී. අනතුරුව ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණීස්සර හිමියෝ රැස්ව සිටි පිරිස පන්සිල්හි පිහිට වූහ.

එහි පැවති ආගමික වතාවත්වලින් පසු මෝදි මහතා විසින් වෙසක් කලාපය විවෘත කරනු ලැබූ අතර එම අවස්ථාවේ රතිඤ්ඤා සහ ගිනි කෙළි සංදර්ශනයක් ද පැවැත්විණි. ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනුලැබීය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ (11) පස්වරු 5.45ට දිවයිනට පැමිණියේය.

එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා විසිනි. ඉන්පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා විශේෂ අමුත්තන්ගේ පීටිකාව අසලදී මංගල සමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, සජිත් ප්‍රේමදාස ඇතුළු අමාත්‍යවරුන් ඇතුළු උසස් නිලධාරීන් මෝදී මහතාට හඳුන්වා දුන්නේය.

අනතුරුව ගුවන්තොටුපොළේ විශේෂ ආරාධිතයින්ගේ සමරු පොතේ සටහනක්ද තැබීය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධූ ඇතුළු ඉන්දීය නිලධාරිහුද මෝදි මහතා පිළිගැනීම සඳහා ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad