වයඹ පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් ස්වේච්ඡා සංවිධානවලට භාණ්ඩ ලබාදීම සදහා වැය කළ බව කියන රුපියල් කෝටි 4 කට වැඩි මුදලින් සියයට පනස් දෙකක්ම(52%) වැය කර ඇත්තේ පඩුවස්නුවර මැතිවරණ කොට්ඨාශයට භාණ්ඩ ලබාදීමට බව පළාත් විගණන දෙපාර්තමේන්තුව විසින් කළ විගණනයකදී අනාවරණය වී ඇතැයි වයඹ පළාත් සභාවේ ගිණුම් කාරක සභාවේ සභාපති ඩී. බී. හේරත් වයඹ පළාත් සභා රැස්වීමේදී අනාවරණය කර තිබේ.
වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සෝමසිරි ගුණතිලකගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 04 වැනිදා පැවැති පළාත් සභා රැස්වීමේ මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික ප‍්‍රකාශ අවස්ථාවේදී අදහස් දැක් වූ ඩී. බී. හේරත් මේ බව අනාවරණය කර තිබේ.
රුපියල් කෝටි හතරකට වැඩි මුදල් ප‍්‍රමාණය බෙදී ගොස් ඇති ආකාරය පිළිබද විග‍්‍රහ කිරීමේදී එම මුදලින් සියයට පනස් දෙකක් වියදම් කර ඇත්තේ පඩුවස්නුවර ආසනය වෙනුවෙන් බව මේ වන විට තහවුරු වී ඇතැයි හෙතම පැවසීය. එලෙස රුපියල් කෝටි ගණනක් වැය කරමින් වයඹ ප‍්‍රධාන අමාත්‍යංශය මගින් පඩුවස්නුවර ආසනයට ලබාදුන් භාණ්ඩ භාරගෙන ඇත්තේ පාසලක මුරකරුවෙකු විසින් බවත් අදාළ ලිපිලේඛණ හරහා මේ වන විට අනාවරණය වී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
එම විගණන වාර්තාවේ සදහන් කරුණු පිළිබදව වයඹ පළාත් සභාවේ ගිණුම් කාරක සභාවේදී සාකච්ඡා කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු ලබාගැනීමෙන් පසුව අදාල විගණන වාර්තාව පළාත් සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඩී. බී. හේරත් පැවසීය. මන්ත‍්‍රීවරුන්ගේ ඡන්දයෙන් ලබාගත් මුදල් යොදාගනිමින් ප‍්‍රදේශයේ මන්ත‍්‍රීවරුන්ට පවා නොදන්වා හිටපු මහ ඇමැතිවරයා භාණ්ඩ බෙද ඇත්තේ එලෙසින් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
වයඹ ටුඩේ
Thursday, May 11, 2017
දයාසිරි ජයසේකරගේ අමුතුම බෙදිල්ල -කෝටි ගණනක භාණ්ඩ පාසලක මුරකරුවෙකුට භාරදිලා
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment