උතුරු මැද බලයත් ඒකාබද්ධයට. බහුතරය ස්වාධින වීමට සූදානම්.. . - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 11, 2017

උතුරු මැද බලයත් ඒකාබද්ධයට. බහුතරය ස්වාධින වීමට සූදානම්.. .

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් බලය හොබවන උතුරු මැද පළාත් සභාව නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීන් බහුතරයක් ස්වාධීන වීමට තීරණය කර ඇතැයි එම පළාතේ සභාවේ හිටපු ඇමති එස්. එම්. රංජිත් මහතා සදහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම තිරණය ගනු ලබන්නේ ශ‍්‍රීලනි පාක්ෂිකයන්ට සිදුවන අසාධාරණයන්ට විරෝධය පළ කිරීමට බවයි.

සන්ධානයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් ස්වාධීන වුවහොත් සභාව පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි. මන්ත‍්‍රී අසුන් 33ක් සහිත පළාත් සභාවේ සන්ධාන මන්ත‍්‍රී 21ක් එජාප මන්ත‍්‍රීන් 11ක් හා ජවිපෙ මන්ත‍්‍රීවරයෙක් වෙයි. මේ අතර මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. චන්ද්‍රසේන කියා සිටියේ උතුරු මැද සභාවේ බලය ස්ථිර වශයෙන්ම ඒකාබද්ධ විපක්ෂයට ලබාගන්නා බවයි.

තවත් මාස තුනකින් උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත්සභාවල නිල කාලය අවසන් වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad