මන්ත්‍රීධුරය නැති වුණා කියලා ලොකු දුකක් නෑ. – මේ ගීතා වට්ටන්න ‍ලේසි වෙන්නේ නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 11, 2017

මන්ත්‍රීධුරය නැති වුණා කියලා ලොකු දුකක් නෑ. – මේ ගීතා වට්ටන්න ‍ලේසි වෙන්නේ නෑ

තමා ආණඩු පක්ෂයේ සිටියේ නම් තාමට මෙවැනි නඩු ඇසීමට සිදු නොවන බව ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පවසයි. මන්ත්‍රී ධුරය අහිමි කිරිම සම්බන්ධයෙන් අභියාචානාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කිරීමෙන් පසුව 9 දින මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇය සදහන් කළේ

“හැම පුරවැසියකුටම තියෙන අයිතිය මටත් තියෙනවා. ඒ නිසා මම මගේ අභියාචනය ගොනු කළා. දැන් වෙලා තියෙන්නේ හරි ඉක්මනට මේ කටයුතු සිද්ධ වෙනවා. මොනවා උනත් එන දේකට මුහුණ දෙන්න ගැහැනියක් ලෙස මම ශක්තිමත්ව ඉන්නවා. මම දන්නේ නෑ ඔය මම වෙනුවට එන්න ඉන්න අය ගැන මම ඒ අය ගැන හොයන්නේ නෑ. අදහස් දක්වන්නෙත් නෑ. ඒ වගේම මට මේ මන්ත්‍රීධුරය නැති වුණා කියලා ලොකු දුකකුත් නෑ. “

“නමුත් මේ රටේ සමහර මිනිස්සු Facebook එක හරහා මගේ දියණිය කියලා එක එක කැත ගෑනුන්ගේ පිංතුර දාලා ෂෙයාර් කරනවා. මගේ දියණිය අහිසංක ලස්සන ළමයෙක්. එයා දැන් උපාධිය හදාරලා ඉන්නේ. එයාගේ ආශාව ජනමාධ්‍යවේදිනයක් වෙන්න. නමුත් ඇයත් මේ සම්බන්ධයෙන් ඉතා කණස්සල්ලෙන් ඉන්නේ. මොනවා වුණත් මේ ගීතා කුමාරසිංහ වට්ටන්න ‍ලේසි වෙන්නේ නෑ. මම ගීතා කුමාරසිංහ මේ කිසි දේකට සැලෙන්නේ නෑ. දුක්වෙන්නේ නෑ. ගැහැනියක් ලෙස මම මේවාට මුහුණ දෙනවා.”

No comments:

Post a Comment

Post Bottom Ad