හදිසිය වැඩිකමට ෆොන්සේකාට පැටලේ.. යුද්ද කරන්න අණ දුන්නේ ජනාධිපති බව කියවෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 12, 2017

හදිසිය වැඩිකමට ෆොන්සේකාට පැටලේ.. යුද්ද කරන්න අණ දුන්නේ ජනාධිපති බව කියවෙයි..

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පක්‍ෂයේ ඉහල තනතුරක් තමනට ලබා දෙන බවට පොරොන්දු වී ඇතත් ඊට පක්‍ෂයේ කිහිප දෙනෙකු විරුද්ද වී ඇති බව ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කඩවතදී මාධ්‍යවේදීන් නැගි ප‍්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමිනි. යුද්ධයට අණ දුන්නේ ජනාධිපතිවයරුන් යයිද ඇමතිවරයාට මෙහිදී අහම්බෙන් මෙන් කියවිනි. ජනාධිපතිවරුන් යුදධයට අණ දුන්නද යුද පෙරමුණේ සිටියේ නැතැයිද කී ෆොන්සේකා මහතා යුධ හමුදාපතිවරුන්ද යුද පෙරමුණේ සටන් වදින්නේ නැති බව නොකිවේය.

හමුදාපති කාලයේ ෆොන්සේකා මහතාට බෝම්බයකින් අනතුරු වූයේ හමුදා මූලස්ථානයේදී කොටි කතක් විසින් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන ප‍්‍රහාරයකිනි.


No comments:

Post a Comment

Post Bottom Ad