මෙම හමුව සදහා අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත‍්‍රික්ක නියෝජනය කරන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද වැඩි පිරිසක් සහභාගී වී සිටියහ. දැනටමත් පළාත් සභාවේ බහුතර බලය තමන් සතු බව පැවසූ එම පිරිස ඉදිරි ක‍්‍රියාමාර්ග සදහා හිටපු ජනාධිපතිවරයාගේ ආශිර්වාද ලබා ගත්හ.
එහිදී සිදුවූ විශේෂ සිදුවීමක් වූයේ උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම ඇමති එස්.බී. සේමසිංහ සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව පවසද්දී හිටපු ජනාධිපතිවරයා හා මැති ඇමති පිරිස බලවත් උත්සාහයක් දරමින් කියා සිටියේ මේ මොහොතේ ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙසයි. ඒ අනුව ඔහු තව දුරටත් ඇමති ධුරයේ කටයුතු කරයි.

No comments:
Post a Comment