බඩේ අමාරුවට රෝහල් ගතවූ සිසුවිය දරුවකු බිහි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 11, 2017

බඩේ අමාරුවට රෝහල් ගතවූ සිසුවිය දරුවකු බිහි කරයි

උදරාබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා පසුගිය දිනක දෙහිඅත්තකණ්‌ඩිය මූලික රෝහලට ඇතුළත් කළ පාසල් සිසුවියක්‌ දරුවකු බිහිකර ඇති බව පොලිසිය පවසයි. 16 වැනි වියේ පසුවන මෙම පාසල් සිසුවිය දරුවා බිහිකරන තුරු කිසිදු මාතෘ සායනයට සහභාගි වී නැත. සිසුවිය ගැබිනියක්‌ බව දරුවා බිහිකරන තුරු තමන් නොදැන සිටි බව මව්පියන් හා අසල්වාසීන් පොලිසියට පවසා ඇත. 

දරුවාගේ පියා තම මවගේ නැඟණියගේ සැමියා බව සිසුවිය පවසයි. පසුගිය 2016 වර්ෂයේ ජනවාරි මවාසයේ සිට අගෝස්‌තු දක්‌වා තම බාප්පාගේ බලපෑමට යටත්වී ඔහු සමඟ අඹුසැමියන් ලෙස සිටි බව ඇය පොලිසියට පවසා ඇත. දරුවා කුස දරාගෙන පසුගිය වසරේ පාසල් ගොස්‌ අ. පො. ස. (සා. පෙළ) විභාගයද ලියා විෂයන් නවයක්‌ සම්මාන හතරක්‌ සහිතව සමත්වී ඇත.

විජයපුර පදිංචි 35 වියෑති එක්‌දරු පියෙකු වූ සැකකරු දෙහිඅත්තකණ්‌ඩිය මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී. දෙහිඅත්තකණ්‌ඩිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මනෝඡ් අලගියවන්න මහතාගේ උපදෙස්‌ මත පො. සැ. 1298 චන්ද්‍රිකා මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති

No comments:

Post a Comment

Post Bottom Ad