දෙමල සන්ධාන මන්ත‍්‍රීන් බහුතරයකට ද්විත්ව පුරවැසිකම්.. මන්ත‍්‍රී ධුර අනතුරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 12, 2017

දෙමල සන්ධාන මන්ත‍්‍රීන් බහුතරයකට ද්විත්ව පුරවැසිකම්.. මන්ත‍්‍රී ධුර අනතුරේ..

ද්විත්ව පුරවැසි භාවය ඇත්තේ යයි ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය පිලිගත නොහැකි යයි අභියාචනාධිකරණය විසින් තීරණය කිරීමත් සමග දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගණනාවකගේ මන්ත‍්‍රී ධුර අවධානමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

එම පෙරමුණ විසින් දැනට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර 16ක් නියෝජනය කරන අතර ඉන් වැඩි පිරිසකට විදේශයන්හි පුරවැසිකම ඇතැයි සදහන්ය. කැනඩාව, අයර්ලන්තය, ඔස්ටේ‍්‍රලියාව, එංගලන්තය, ඉතාලිය, ඉන්දියාව ආදී රටවල පුරවැසි භාවය දරන මෙම මන්ත‍්‍රීන් ගීතා කුමාරසිංහ මහත්මියට ලබා දුන් නඩු තීන්දුවත් සමග කලබලයට පත්ව ඇති බවද පැවසෙයි.

මොවුන් වැඩි දෙනා ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ පසුගිය යුද සමය හා ඒ ආසන්න කාල සීමාවන්වලදී බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad