රටේ නීතිය නොදන්නා සන්ධාන ලේකම් ඇණ ගනී.. ගාල්ල තේරිම් භාර නිලධාරිගේ රාජකාරිය අමරවීර පවරාගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 12, 2017

රටේ නීතිය නොදන්නා සන්ධාන ලේකම් ඇණ ගනී.. ගාල්ල තේරිම් භාර නිලධාරිගේ රාජකාරිය අමරවීර පවරාගනී..

රටේ සමාන්‍ය නීතිය ගැනවත් හරි අවබෝධයක් නොමැතිව ඉහත අභියාචනාධිකරණය තීන්දුව ලැබුන විගස සංධාන ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ස්වාධීන මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා වෙත පත්කල යුතු මන්ත්‍රීවරයා ලෙස පියසේන ගමගේ මහතාගේ නම යෝජනා කොට තිබුණි.

එහෙත් එවෙනි පුරප්පාඩුවක් ඇති වු අවස්ථාවක වුව එය නිත්‍යානුකූලව සිදු කරනු ලබන්නේ මැතිවරණ කොමිසමේ සභාපති විසින් කරුණු අධ්‍යයන කිරීමෙන් පසුව අදාළ දිස්ත්‍රික්යේ තේරිම් භාර නිලධාරි වෙත ලිඛ්තව දන්වමින් ලැයිස්තුවේ ඊලඟට මනාප ලබාගත් සුදුසුකම් සපුරා ඇති පුද්ගලයාගේ නම සහතික කර එවන ලෙසයි. ඊට පසු මැතිවරණ කොමිසමේ සභාපති විසින් අදාළ මන්ත්‍රී ධූරය සඳහා අදාළ නම ගැසට් කර ප්‍රසිද්ධියට පත් කරයි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි කරමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ගීතා කුමාරසිංහ මහත්මියගේ නීතිඥන් විසින් ගොනුකළ ඈපල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින විභාගයට ගත් අතර ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීම ලබන 15 වෙනිදා තෙක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටු විය.

No comments:

Post a Comment

Post Bottom Ad