මැති ඇමැතීන්ට වාහන ගෙන්වීම ජනපති අණින් නවත්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 30, 2017

මැති ඇමැතීන්ට වාහන ගෙන්වීම ජනපති අණින් නවත්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යාශ සඳහා අලුතින් වාහන මිලදී ගැනීම නතර කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.
අද(30) පෙරවරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා විසින්  මෙම උපදෙස් ලබා දී ඇත.
  කැබිනට් රැස්වීම අද(30) උදෑසන 09.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.
මෙහිදී දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති අතර එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad