කඩා වැටුණු හෙළිකොප්ටර් යානයට ඇත්තටම සිදුවූ දේ මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 30, 2017

කඩා වැටුණු හෙළිකොප්ටර් යානයට ඇත්තටම සිදුවූ දේ මෙන්න

කඩා වැටුණු හෙළිකොප්ටර් යානයට ඇත්තටම සිදුවූ දේ මෙන්න
එම්.අයි 17 වර්ගයේ හෙළිකොප්ටර් යානාවක් හදිසි කාර්මික දේෂයකට පත්වුවත් තවත් යානා ගණනාවක් සහන කටයුතු සඳහා ක්‍රියාත්මක බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි. ඔහු මේ බව පැවසූයේ අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

කාර්මික දෝෂයට ලක්වූ යානය කඩා වැටීමක් සිදුනොවුණු බවත්, එය කාර්මික දෝෂයකට ලක්වීමෙන් පසු හදිසියේම ගොඩබැස්වීමට නියමුවාට සිදුව ඇති බවත් ප්‍රදේශයම ජලයෙන් යටවීම නිසා නිසි තැනක් සොයාගැනීමේ අපහසුවෙන් හදිසියේම යානය වතුර මතටම ගොඩබැස්වීමට සිදුව ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. 

යානය අනතුරට පත්වනවිට ඒ තුළ ගුවන් හමුදා සාමාජිකයින් 10 දෙනෙකු සිටි බවත්, ඔවුන් කිසිවෙකුටත් හානියක් නොවන පරිදි යානාව ගොඩබැස්වීමට කටයුතු කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. එම්.අයි 17 වර්ගයේ හෙළිකොප්ටර් යානා 4ක්, බෙල් 212 වර්ගයේ යානා 3ක්, බෙල් 400 වර්ගයේ යානාවක් ඇතුළු යානා කිහිපයක් මේ මොහොතේත් ක්‍රියාත්මක බව හෙතෙම සඳහන් කළේය.

බිමින් හෝ බෝට්ටු මගින් යා නොහැකි අයගම ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සඳහා ගුවන් හමුදාව විශේෂ අවධානයක් යොමුව ඇති බවත්, අද දිනයේ “ගෞතම දේශ“ පිට්ටනියේ ගුවන් හමුදාව මගින් වෛද්‍ය සායනයක් පවත්වන බවත්, බොහෝ පිරිසක් ඊට එකතුවී ඇති බවත් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

මේ අතර දැඩි අසීරු තත්ත්වයේ පසුවූ හෘද රෝගියෙකු හා ගර්භනී මාතාවක් ගුවන් මගින් රෝහලට ගෙනගිය කලවාන-රත්නපුර අතරතුරදී අදාළ හෙළිකොප්ටර් යානාව තුළදීම ගර්භනී මාතාව දරුවෙකු ප්‍රසූත කළ බවත් ඒ තිදෙනාගේම ජීවිත ගලවාගැනීමට හැකිවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad