හෝමාගම පවුල් 2138 ක්‌ අවතැන් - රැඳවුම් කඳවුරු 3 ක්‌ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 30, 2017

හෝමාගම පවුල් 2138 ක්‌ අවතැන් - රැඳවුම් කඳවුරු 3 ක්‌

කැලණි ගඟ පිටාර ගැලීම නිසා හෝමාගම ආසනයේ ග්‍රාම සේවා වසම් 16 ක නිවාස 573 ක්‌ සම්පූර්ණයෙන්ම යට වී ඇති අතර, එම වසම් 16 තුළ පවුල් 2138 ක්‌ අවතැන් වී සිටින බව වාර්තා වේ. 

ඒ අනුව නැගෙනහිර ආටිගල නිවාස 120 ක්‌, බටහිර ආටිගල නිවාස 14 ක්‌, වටරැක දකුණ නිවාස 60 ක්‌, පානලුවේ 88 ක්‌, ජල්තර 50 ක්‌, හේනපිට 48 ක්‌, හබරකඩ උතුර 31 ක්‌, මුල්ලේගම උතුර 28 ක්‌, වටරැක උතුර 50 ක්‌, වල්පිට නිවාස 25 ක්‌, නාවලමුල්ල 16 ක්‌, මීගස්‌මුල්ල 04 ක්‌, බටවල 38 ක්‌ සහ හේනවත්ත නිවාස 38 ක්‌ වතුරෙන් යට වී තිබුණි.
මේ වන විට කඳවුරු 03 ක පවුල් 381 ක්‌ රැඳී සිටිති. ඔවුන් සඳහා සියලු පහසුකම් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අඛණ්‌ඩව ලබාදෙන බව පවසයි.
ඊයේ (29) පෙරවරුව වන විට ගංවතුර බැස යැමට පටන් ගත් වසම්වල බොහෝ පිරිස්‌ තම නිවාස කරා ගොස් ඇත. එහෙත් මෙම වසම් 16 යේම ජනතාව පානීය ජල හිඟයෙන් පෙළෙන බව වාර්තා වේ. ආටිගල නැගෙනහිර සුගතබිම්බාරාම විහාරය, ඇඹුල්ගම රජමහා විහාරය, මුල්ලේගම මහ විහාරය යන විහාරස්‌ථානවල රැඳවුම් කඳවුරු 3 ක්‌ පවත්වා ගෙන යයි.

No comments:

Post a Comment

Post Bottom Ad