බුකිය කළඹමින් බෑණා - මාමණ්ඩිට යවපු ලියුමට මාමණ්ඩිගෙන් පිළිතුරු ලිපියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 22, 2017

බුකිය කළඹමින් බෑණා - මාමණ්ඩිට යවපු ලියුමට මාමණ්ඩිගෙන් පිළිතුරු ලිපියක්

මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි හරහා අපූරු ලිපියක් හුවමාරු වනවා. එම ලිපිය ලියා ඇත්තේ බෑණා කෙනෙකු විසින් තම මාමණ්ඩිය වෙතටයි. එම ලිපිය අපි මිට පෙර ඔබට ගෙන ආවා. මේ ඊට මාමණ්ඩිගෙන් ලැබුණු අපූරු පිළිතුරයි

ආදරනීය බෑනා වෙත උක්ත ලිපිය සම්බන්ධවයි.

ඉහත සදහන් තොරතුරු අනුව ඔබ කිහිප වරක් ඩේටා upload කලද virus guard එක update කර නොමැති බව පෙනේ. එවිට virus guard එකට හොරා virus, wife device එකට upload වීමේ අවධානමක් පවතී.  wife device එක බැරල් ස්වභාවයට පත් වීමට එය හේතුව වී තිබෙන්නට පුලුවන. කරුණාකර ඒ පිලිබදව විමසිලිමත් වන්න.

ඒ වාගේම sari app එකත් එක්ක jewelry app එකත් auto run වීම ලෝකපාලක දෙයියන්ටවත් මෙතෙක් හදුනාගත නොහැකි වූ bug එකකි.

bug fixes ආකාරයෙන් වෙළදපොලේ hire එකට මිලදී ගැනීමට හැකි external devices වලට නොරැවටෙන්න. ඒවායින් ලැබෙන්නේ තාවකාලික විසදුම්ය. එයත් රාත්‍රී කාලයට පමණි.

මීට අමතරව සදහන් කල යුත්තේ ඔබ විසින් සදහන් කර ඇති අනෙක් errors සියල්ල wife device සම්බන්ධයෙන් වන බොහොම common problems වේ. එබැවින් ඒ පිළිබදව නොතැවෙන්න. ඔබට සියල්ල පැහැදිලි ඇතැයි සිතමි.


මීට ඔබේ හිතාදර මාමණ්ඩී.

-උපුටා ගැනීමකි-


මීට පෙර බෑණා විසින් මාමණ්ඩිට යවපු ලිපිය මෙතැනින්

No comments:

Post a Comment

Post Bottom Ad