අලුත ගෙනා මනමාලි එක්ක මධුසමය ගතකරන්න කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ගිය මනාලයෙකුට අපූරු සිද්ධියක් වෙලා තියෙනවා. මනාලයාට අවුරුදු 26ක් වන බවත් මනාලියට අවුරුදු 21ක් වන බවත් පැවසෙනවා. ඔවුන් දෙදෙනා විවාහ වී ඇත්තේ මංගල යෝජනාවකට අනුවයි.
නව යුවළ හෝටලයේ මධුසමය ගතකරමින් සිටින අතරදී එම හෝටලයට කඩා වැදුණු මනාලියගේ ඥාතීන් පිරිසක් මනාලයාට පහරදී මනාලිය පළඳවන ලද රුපියල් 40,000ක මුදුව සහ හෝටලයේ බිල ගෙවීමට තිබු රුපියල් 50,000 ක් මෙන්ම ජංගම දුරකතනයද රැගෙන ගොස් ඇත්තේ මනාලියද සමඟයි. කෙසේ නමුත් මේ සිදුවීම සම්බන්ධයෙන් තරුණයා කොච්චිකඩේ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මංගල රාත්‍රිය දා මනාලයා සහ මනාලිය අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර ඒ පිලිබඳ මනාලිය විසින් ඥාතියෙකුට ඒ ගැන දුන් දුරකතන ඇමතුමකට අනුව රාත්‍රී 10.00 ට පමණ ඇයගේ ඥාතීන් පිරිසක් පැමිණ මනාලයාට පහරදී ඔහු සතු ඉහත කී දේපල රැගෙන ගොස් තිබෙනවා.
Monday, May 22, 2017
කොච්චිකඩේ හෝටලයක මධුසමය ගත කරමින් සිටි මනාලියව ඥාතීන් ඇවිත් අරන් ගිහින්
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment