සරම උස්සගෙන කාන්තා වැසිකිළිවලට එබිකම් කළ පුද්ගලයාට අත් වූ අවාසනාවන්ත ඉරණම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 25, 2017

සරම උස්සගෙන කාන්තා වැසිකිළිවලට එබිකම් කළ පුද්ගලයාට අත් වූ අවාසනාවන්ත ඉරණම

කෑගල්ල, පරදෙනිය ජනපදය, අඹන්පිටිය ප්‍රදේශයේ නිවසක කුඩා කල සිට හැදිවැඩුණු අයෙකු කාන්තාවන්ගේ යට ඇදුම් සොරෙන් ගෙනයාම, කාන්තාවන් නාන තොටවල් සහ ළිං අසල සොරෙන් සැගවී බලා සිටිම වැනි ක්‍රියාවන් සිදුකිරීම පුරුද්දක් කරගෙන තිබුනා.

ඔහු අවුරුදු 50ක් වයසැති පුද්ගලයෙක්. මෙම පුද්ගලයා වැසිකිලියට ගිය කාන්තාවකගේ ක්‍රියාවන් නිරික්ෂණය කරමින් සරම උස්සාගෙන අසභ්‍ය ලෙස හැසිරෙන ආකාය තරුණයෙකු දැක තිබෙනවා. ඊට හදිසි අවේගයක් ඇති කර ගත් තරුණයා විසින් සිදු කරන ලද පහර දිමකින් එම පුද්ගලයා මියගොස් ඇති බවයි කෑගල්ල මූලස්ථාන පොලිසිය පවසන්නේ. 


අද(25) උදෑසන 119 පොලිස් හසිදි ඇමැතුම් අංකයට ලැබුණු පණිවිඩයකින් කියවි ඇත්තේ අඹන්පිටිය පරදෙනිය මාර්ගයට ආසන්නයේ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවයි. ඒ අනුව පරික්ෂණ ආරම්භ කළ පොලිසියට එම ගම්මානයේම 19  හැවිරිදි තරුණයෙකු භාර වි ඇත. තරුණයා පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ තමන් විසින් මිය යන්නට පහර දිමක් සිදු නොකළ බවයි. 

පාදවලට පමණක් පහර දුන් බව ද ඔහු පවසා ඇත. ඒ අනුව ඔහු විසින් මෙම ක්‍රියාව සිදු කළේද නැතිනම් වෙනත් අයෙකු සිදු කළ පහර දිමක් මියගියේද යන්න සොයා බැලිමට පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad