ගම්පහ ටියුෂන් පෙම්වතුන් ’’ඉන්ටසිටි රෙස්ට් හවුස්වල’’ අනඟ රැඟුම් දාපු හැටි මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 25, 2017

ගම්පහ ටියුෂන් පෙම්වතුන් ’’ඉන්ටසිටි රෙස්ට් හවුස්වල’’ අනඟ රැඟුම් දාපු හැටි මෙන්න

කොළඹ සිට ගම්පහ දක්වා ධාවනය වූ නගරාන්තර සුඛෝපභෝගී බස් රථ සේවාව දැන් දක්නට ඇත්තේම නැත. නොයෙකුත් හේතූන් මත මීට වසර කිහිපයක සිට එය පරිහානියට ගොසිනි. ඒ සඳහා ගම්පහ සිට කොළඹ දක්වා සවිමත් දුම්රිය සේවයක් පැවතීම, නගරාන්තර බස් රථවලට සාපේක්ෂව ගම්පහ - කොළඹ සාමාන්‍ය බස් රථ වැඩි ප්‍රමාණයකට මාර්ග බලපත්‍ර ලබා දීම ආදී හේතු කිහිපයක් ඊට බලපෑ තිබෙනවා.

එහෙත් ඒ හා සම්බන්ධ ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය හා සබැඳුණු අප්‍රසන්න රහසක් ද ඇත. එ‍නම් එවක කොළඹ සහ ගම්පහ අතර ධාවනය වූ නගරාන්තර සුඛෝපභෝගී බස් රථ අතුරින් කිහිපයක් තුළ මෙම ටියුෂන් සිසු සිසුවියන් සඳහා අනඟ සුව පහසුකම් සැලසීමය. මෙහිදී මෙම බස්රථ නියමිත ගමන් වාරය සඳහා ගම්පහ බස් නැවතුම්පලට පැමිණීමට පෙර ගාල් කොට තබා ඇති ස්ථානවල දී ඉතා රහසිගත අයුරින් පෙම් යුවලකට හෝ දෙකකට අනඟ සුව පහසුකම් සැලසීම සිදු කොට තිබෙනවා.

පැය භාගයක් හෝ පැයක කාලයක් තුළ එම පහසුකම සැලසීම වෙනුවෙන් බස් රථ සේවකයන් එම පෙම්වතුන් පෙම්වතියන් ගෙන් රුපියල් සියයක් - දෙසීසක් අතර මුදලක් අය කරගෙන ඇත. මෙය එම නගරාන්තර බස් රථවල ගමන්වාර නොමැති අවස්ථාවල බස් රථ සේවකයන් කිහිප දෙනෙකුගේ අතිරේක ආදායම් මාර්ගයක් වූ බව නිසැකය. එමෙන්ම එම නගරාන්තර බස් රථ බොහොමයක දෙපස කළු වීදුරු සවි කොට තිබීමත්, එම කවුළු සඳහා ජනෙල් රෙදි යොදා තිබීමත් නිසා අනඟ සුව විදීමට කැමති පෙම්වතුන්ට මෙය තාවකාලික තානායමක් වූ බව පෙනේ.

එහෙත් බස් රථ සේවකයන් කිහිප දෙනෙකු විසින් කරන ලද මෙම අයතා ජාවාරම නිසා පසුව කොළඹ - ගම්පහ සුඛෝපභෝගී බස් රථවල ගමන් කිරීමට සාමාන්‍ය ජනතාව තුළ පිළිකුලක් පැන නැගීමද මෙම බස්රථ සේවයේ පරිහානියට හේතු වූ බව කිව හැකියි.

No comments:

Post a Comment

Post Bottom Ad