ඥණසාර හිමි අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් හදිසි මෙහෙයුම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 25, 2017

ඥණසාර හිමි අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් හදිසි මෙහෙයුම්

පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් බොදු බල සේනා සංවිදානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

පොලිසිය පවසන්නේ ඥාණසාර හිමියන් විසින් පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම, පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම, ජාතීන් අතර සමඟිය නැති වන ප්‍රකාශ කිරීම ආදී සිද්ධීන් කිහිපයක් නිසා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඇරඹු බවයි. පොලිස් කණ්ඩායම් කිහිපයක්ම ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට මෙහෙයුම් කරමින් සිටින අතර උන් වහන්සේට රටි පිටවීම තහනම් කරමින් අධිකරණය විසින් වාරණ නියෝගයක්ද නිකුත් කර ඇත.

සංවිධානාත්මක අපරාධ කොට්ඨාශව වෙත උන් වහන්සේ සම්බන්ධව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට කැදවා තිබුණද එයද පැහැර හැර ඇතැයි පොලීසිය කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad