දරුණුතම ඩෙංගු වසංගත තත්ත්වයක් - ඩෙංගු රෝගීන් ලක්ෂය ඉක්මවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 13, 2017

දරුණුතම ඩෙංගු වසංගත තත්ත්වයක් - ඩෙංගු රෝගීන් ලක්ෂය ඉක්මවයි

දරුණුතම ඩෙංගු වසංගත තත්ත්වයක් - ඩෙංගු රෝගීන් ලක්ෂය ඉක්මවයි
මේ වසරේදී ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුතම ඩෙංගු වසංගත තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

වසරේ මුල් මාස 4ක කාලයේදී දිවයින පුරා ඩෙංගු රෝගීන් 43,915 දෙනකු වාර්තා වී ඇති බවත් ඉන් 41.4%ක ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත් ඒ පළාතේ ඩෙංගු රෝග මරණ සංඛ්‍යාව 35ක් බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙයි.

කුරුණෑගල රෝහලේ වාට්ටු ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවත් එම රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා එහි සේවය කරන වෛද්‍යවරු තමන්ට බාර වාට්ටුවලට සීමා නොවී සියලුම වාට්ටුවලට ගොස් රෝගී සත්කාරක කටයුතු කිරීම සඳහා වැඩපිළිවෙළක් තම සංගමය විසින් ක්‍රියාවට නංවා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙතෙක් ඩෙංගු රෝගීන් වාර්තා නොවූ ත්‍රිකුණාමලය, මඩකළපුව, යාපනය, හම්බන්තොට, කල්මුණේ වැනි ප්‍රදේශවලින් සැලකිය යුතු ප්‍රමාණයන්ගෙන් ඉතා ඉහළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතින බව සඳහන් කළ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මේ වනවිට මේ වසංගත රෝගයට වෛද්‍යවරු, හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ හෙද සහායකයන් විශාල සංඛ්‍යාවක් ගොදුරු වී ඇති බවත් ඔවුන් අතරෙන් පිරිසක් මිය ගොස් ඇති බවත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad