මාව හිරේ දාන්න ආණ්ඩුවේ පිරිසක් උත්සාහ කරනවා..- හිරුණිකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 27, 2017

මාව හිරේ දාන්න ආණ්ඩුවේ පිරිසක් උත්සාහ කරනවා..- හිරුණිකා

තමන්ව සිරගත කිරීම සඳහා උත්සාහයක යෙදෙන පිරිසක් ආණ්ඩුව ඇතුළත සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නීය.

ඇය මේබව කියා සිටියේ පුද්ගලයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් ඇයට එරෙහිව ගොනුකර ඇති නඩු විභාගය සඳහා උසාවියට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. “රජයක් පත්වුනා කියල එක එක පුද්ගලයට රජය ඇතුළේ සළකන විදිහ වෙනස්” යැයි පැවසු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය “රජයේ කට්ටිය ඉන්නව මාව හිර කරන්න බලාගෙන” යනුවෙන් ද ප්‍රකාශ කළාය.

පුද්ගලයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහිව පවරා තිබෙන නඩුව විභාග කිරීම සඳහා අද කොළඹ මහාධිකරණය දින නියම කළේය. ඒ අනුව නඩුව නොවැම්බර් මස 08වැනිදා විභාග කිරීමට දින නියම කළ අධිකරණය එදිනට සාක්කිකරුවන් කැඳවීමට පියවර ගන්නා මෙන් රජයේ නීතිවේදියාට නියම කළේය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා දෙමටගොඩදී ඩිෆෙන්ඩර් වාහනයකින් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහර දුන් බවට චෝදනා කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබේ.

– BBC

No comments:

Post a Comment

Post Bottom Ad