දෝණි 20 -20ට නුසුදුසු බව ඉන්දීය හිටපු ක්‍රිකට් නායක කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 14, 2017

දෝණි 20 -20ට නුසුදුසු බව ඉන්දීය හිටපු ක්‍රිකට් නායක කියයි

මහේන්ද්‍ර සිං දෝණි තවදුරටත් 20 යි 20 තරඟ සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු ක්‍රීඩකයෙකු නොවන බව ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායක සව්රොව් ගංගුලි පවසනවා.

දෝනි එක්දින තරඟවලදි දක්ෂතා දක්වා ඇති නමුත් , 20යි 20 තරඟ වලදි ලකුණු අතරට පැමිණ නොමැති බවයි ගංගුලි ප්‍රකාශ කළේ. පසුගිය වසර 10 තුලදි 20 යි 20 තරඟ රැසකට ක්‍රීඩා කර ඇති දෝණි රැස්කරගෙන ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණයි.


එමනිසා එළඹෙන චැම්පියන්ස් කුසලාන තරඟාවලියෙන් පසු දෝණි ඉන්දියානු කණ්ඩායමට තෝරා ගැනීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බව සව්රොව් ගංගුලි කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad