මහින්දට ඇන්ද හරීන්ද මහින්ද හමුවෙයි (ඡායාරූප සහිතයි) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 14, 2017

මහින්දට ඇන්ද හරීන්ද මහින්ද හමුවෙයි (ඡායාරූප සහිතයි)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හැඩරුවට සමානව සැරසී සිටි හරීන්ද අබේවික්‍රම කිව්වහම දැන් හැමෝම වගේ දන්නවා.

මාතර ශාන්ත තෝමස්  සහ ශාන්ත සර්වේශස්  විද්‍යාල අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගයට  සමගාමීව ශාන්ත තෝමස් විද්‍යාලය සංවිධාන කළ  වාහන පෙළපාලියේ දී එම විද්‍යාලයේ  ආදී ශිෂ්‍යයෙකු වූ  හරීන්ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හැඩරුවට සමානව සැරසී සිටියා.

එම නිසා ඔහු ගැන සමාජයේ වැඩි කතාබහක් ද ඇතිවුණා. චරිතයට ඇන්දේ හරීන්ද අබේවික්‍රම. ටික දවසක් යනකොට හරීන් ට මරණ තර්ජනත් ආවලු. මේ ගැන කතා බහ කරද්දී හරීන්ද අබේවික්‍රම කිව්වේ 'මහින්දට  ඇන්දට' මහින්ද මහත්තයට ප්‍රශ්නයක් නොවුනත් බොහෝ අය ප්‍රශ්නයක් කර ගෙන තිබුන කියල. ඉතින් ළඟදීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්තයා හමුවන්න යන්න ඉන්නේ කියලත් හරීන්ද  විස්තර කියල තිබ්බේ.

ඔන්න ඒ අවස්ථාව හිමිවෙලා.

 'මහින්දට ඇන්ද හරීන්ද සහ හිටපු ජනපති   මහින්ද හමුව' සංවිධාන කරන්නට එදා වාහන පෙළපාලියේ ගිය දකුණු පළාත් ක්‍රීඩා ඇමති වීරසුමන වීරසිංහ මහතා  සහ දකුණු පළාත් මන්ත්‍රී අරුණ ගුණරත්නත් මුල්වෙලා.

ඒ හමුවේ ඡායාරූප කිහිපයක්  වීරසුමන වීරසිංහ මහතා තමන්ගේ  FB පිටුවෙන් ප්‍රසද්ධ කරන්නටත් අමතක කළේ නැහැ. 








No comments:

Post a Comment

Post Bottom Ad