ඉන්දියාවේ පිස්සු බල්ලන් පාලනයට ලංකාවෙන් සහාය ඉල්ලලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 3, 2017

ඉන්දියාවේ පිස්සු බල්ලන් පාලනයට ලංකාවෙන් සහාය ඉල්ලලා

ඉන්දියාවේ දැනට පවත්නා ජලභීතිකා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහාය ලබාදෙන ලෙස ඉන්දියාවේ කාන්තා හා ළමා සංවර්ධන ඇමැතිනි මේනකා ගාන්ධි මහත්මිය ඉල්ලීමක් කරයි.
ඇමැතිනිය
මේ ඉල්ලීම කර ඇත්තේ දැනට ඉන්දියාවේ නිල සංචාරයක නිරත වෙමින් සිටින පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සමඟ සිදුකළ ද්වීපාර්ශ්වික සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මේනකා ගාන්ධි මහත්මිය ලංකාවේ පැතිරී ගිය ජලභීතිකා රෝග තත්ත්වය සාර්ථකව පාලනය කර ඇතැයි පවසා තිබේ. දකුණු ආසියානු රටවල ජලභීතිකා රෝග තත්ත්වයන් පාලනය කිරීම විශාල ගැටලුවක් බවට පත්ව ඇතැයිද අයාලේ යන සුනඛයන් මැඬලීමට නිසි වැඩපිළිවෙළක් නොමැති බවද ඇමැතිනිය සඳහන් කර ඇත.
(සපුමල් ජයසේන)

No comments:

Post a Comment

Post Bottom Ad