සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට මහතාට ඒකාබද්ධ විපක්ෂය විසින් සිදු කරන ලද චෝදනාව සෞඛ්‍ය අමාත්‍යාංශය තරයේ ප‍්‍රතික්ෂේප කර සිටියේ ය.
ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ ටොප් 9 හෙළිදරව්ව ලෙස පියයුරු පිළිකා සඳහා වන ඖෂධ මෙරටට ගෙන් වීමේ දී රුපියල් මිලියන 990 ක වංචාවක් සිදුව ඇති බවට ඒකාබද්ධ විපක්ෂය පෙරේදා (01) අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට චෝදනා කර සිටියේ ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා කියා සිටියේ රාජිත සේනාරත්න මහතා මෙම ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් කිසිදු මැදිහත් වීමක් සිදු නොකළ බවත් එය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශ මත සිදුවුවක් බවත් ය.
No comments:
Post a Comment