'ද්‍රවිඩ විමුක්ති කොටි' නමින් නව පක්ෂයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 4, 2017

'ද්‍රවිඩ විමුක්ති කොටි' නමින් නව පක්ෂයක්

'ද්‍රවිඩ විමුක්ති කොටි' නමින් නව පක්ෂයක්

පුනරුත්තාපනය ලැබූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන ඇති බව වාර්තා වේ. 

“ පුනරුත්තාපනය ලැබූ ද්‍රවිඩ විමුක්ති කොටි“ යන නම්න් ඔවුන්  නව පක්ෂය පිහිටුවා ගත් බව ත්‍රිකුණාමලය - සම්පූර් ප්‍රදේශයේදී ඊයේ (03) මාධ්‍ය හමුවක් කැඳවමින් පුනරුත්තාපනය ලැබූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් මේ බව සඳහන් කර තිබේ. 

එහිදී අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ පසුගිය 28දා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණ තම පක්ෂය ලියාපදිංචි කළ බවයි. 

මෙම පක්ෂය ඔස්සේ උතුරු - නැගෙනහිර පළාත් සීමාවකින් තොරව තම ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම පක්ෂය වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad