හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවන්න - එ.ජා මහ කොමසාරිස් යළි කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 4, 2017

හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවන්න - එ.ජා මහ කොමසාරිස් යළි කියයි

හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවන්න - එ.ජා මහ කොමසාරිස් යළි කියයි

අතීතයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම සඳහා විදේශීය විනිසුරුවන්ගෙන් සමන්විත හයිබ්‍රිඩ් හෙවත් දෙමුහුන් අධිකරණයක් පිහිටුවිය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය යළිත් වරක් ශ්‍රී ලංකා ආණ්ඩුවට නිර්දේශ කර තිබේ.

වගවීම ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් මූලෝපායයක් නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, සංහිඳියාව සහ ස්ථාවරභාවය උදාකිරීම සඳහා මතු වී තිබෙන මහඟු අවස්තාව අහිමිවීමේ අවදානමක් පවතින බව ද මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ඒ බව සඳහන් වෙන්නේ, 2002 සිට 2011 දක්වා ශ්‍රී ලංකාවේ සිදු වූ 'බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්' සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සිකුරාදා නිකුත්කළ වාර්තාවකය.

එහෙත් අදාළ විමර්ශනය සඳහා විදේශීය විනිසුරන් සම්බන්ධ කරනොගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිහිපවතාවක්ම අවධාරණය කළේය.

වගවීම සම්බන්ධයෙන් පියවර ගැනීමට වඩා මේ මොහොතේ අවශ්‍යව තිබෙන්නේ නව ව්‍යවස්ථාව හඳුන්වාදීම බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද පසුගියදා සඳහන් කළාය.

මානව හිමිකම් ක්ෂේත්‍රයේ සහ ව්‍යවස්ථාමය සංශෝධන විෂයයෙහිලා ශ්‍රී ලංකාව ප්‍රගතියක් දක්වා තිබෙන බව පිළිගන්නා එක්සත් ජාතීන්ගේ වාර්තාව, කෙසේ නමුත් සංක්‍රමනීය යුක්තිය ඉටුකිරීම සඳහා වූ ක්‍රියාමාර්ග සහ ආයතන පිහිටුවීම විෂයයෙහි ලබා ඇති ප්‍රගතිය ඉතා මන්දගාමී බවත් සඳහන් කරයි.

පසුගිය සඳුදා මානව හිමිකම් මණ්ඩලයේ 34 වැනි සැසිවාරය අමතා අදහස් පළ කළ විදේශ අමාත්‍ය මංගල සමරවීර 'සත්‍යය සෙවීමේ කොමිසමක්' පත්කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත ඉදිරි මාස දෙක ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සඳහන් කළේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad