මන්නාරම රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවෙකු පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි පොලීසිය පවසයි.
කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රෝගී තත්ත්වයක් පවතින බව පැවසීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
එහිදී ඔහු පොලිස් අත්අඩංගුවෙන් මිදී මීට දින දෙකකට පෙර පලාගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් රාජකාරි කටයුතුවල නිරතව සිටි පොලිස් නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කර ඇති බව පොලීසිය පැවසී ය.
No comments:
Post a Comment