අධිවේගී මාර්ග පෞද්ගලීකරණයට රජය සැරසෙයි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 4, 2017

අධිවේගී මාර්ග පෞද්ගලීකරණයට රජය සැරසෙයි?

අධිවේගී මාර්ග පෞද්ගලීකරණයට රජය සැරසෙයි?

රජය දකුණු අධිවේගී මාර්ගය ඇතුළු අධීවේග මාර්ග කළමනාකරණය කිරීම සඳහා වෙනම මූල්‍ය ආයතනයක් ඇති කර එය පෞද්ගලීකරණය කිරීමේ උත්සහයක් ගෙන ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයියා මහතා පවසයි.

අද වන විට රජය දේශපාලන හා ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින බවත් එයින් ගැලවීමට ඇති පහසුම ක්‍රමය ලෙස ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දෙන මෙවැනි ආයතන පෞද්ගලීකරණයට ලක් කරමින් යන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය විසින් රාජ්‍ය ආයතන 34 ක් මේ වන විට රජය විසින් පෞද්ගලීකරණයට ලක් කර ඇති බවත් 35 වන රාජ්‍ය ආයතනය ලෙස මෙම දකුණු අධිවේගී මාර්ග හැඳින්විය හැකි බවත් රංජිත් සොයිසා මහතා සඳහන් කළේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පසුගිය 2016 දෙසැම්බර් මාසයේ දෛනික ආදායම රුපියල් තුන් කෝටි අසු ලක්ෂයට වඩා වැඩි වී ඇති බවත් එවැනි ආයතනයක් පෞද්ගලීකරණය කිරීම දැඩි ලෙස හෙළා දකින බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

අද (03) නාරාහේන්පිට අභයාරාමයේ දී පැවති ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සම්පත් සුරැකීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad