විවේචනයන්ට වික්ටර්ගෙන් සාරඝර්භ පිලිතුරක් චෝදනා සියල්ල අවලංගුයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 4, 2017

විවේචනයන්ට වික්ටර්ගෙන් සාරඝර්භ පිලිතුරක් චෝදනා සියල්ල අවලංගුයි

තමන්ගේ දෙවන විවාහය සම්බන්ධයෙන් තම පුතුන් දෙදෙනා හා අන්තර්ජාලය ඔස්සේ පලවන විවේචන සම්බන්ධයෙන් ප‍්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතා අදහස් පල කරයි.


ඔහු සදහන් කරන්නේ අදාල සිදුවීම සම්බන්ධයෙන් කිසිත් නොදැන තමන්ව විවේචනය කිරීම අසාධාරණ බවයි. තමන් තම රසිකයන්ට කිසි දිනෙක අසාධාරණයක් සිදු කර නැතියිද බවසන ඔහු මෙම සිදුවීමේදී සමාජ මාධ්‍ය තම පෞද්ගලිකත්වයට සීමාව ඉක්මවා මැදිහත් වී ඇතැයිද කියයි. තම බිරිද වියෝවී වසර 13ක් වන බවත් බවසන ඔහු බොහෝ දෙනාට ගැටළුව වී ඇත්තේ තම වයස හා දෙවන බිරිදගේ වයස බවත් සදහන් කරමින් ලංකාවේ මෙවැනි විවාහයන් සිදුවෙලාම නැද්දැයි ප‍්‍රශ්න කරයි. 

මෙලොව ඕනෑම සත්වයෙක්ට ආදරය උවමනා බවත් ඊට වයස, කුල, මල, ආති, ආගම් සීමා නැතැයිද පවසන වික්ටර් රත්නායක මහතා ජනතාවට තමන් විවේචනයට අයිතියක් ඇතත් එම අයිතිය ඇත්තේ ඔවුන් සහ තමන් අතර සංගීතය පිළිබඳව කාරණයේදී මිස පුද්ලික ජීවිතය ගැන නොවන බවද කියයි. තම පුද්ගලිකත්වය විවේචනය නොකර තම සංගීතය විවේචනය කරන ලෙසද ඔහු අවසන් වශයෙන් ඉල්ලා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad