කළුතර සිට කඩුවෙල අධිකරණය දක්‌වා 'සමයං' ඇතුළු සැකකරුවන් බන්ධනාගාර බස් රථයෙන් රැගෙන යද්දී එදින එම රාජකාරියෙන් වැළකී නිවාඩු ලබාගත් කළුතර බන්ධනාගාරයේ නියාමකයන් පිළිබඳ විශේෂ පොලිස් පරීක්‌ෂණයන් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
බන්ධනාගාර බස් රථයට පාතාල කල්ලිය වෙඩි වර්ෂාවක් එල්ල කළ මොහොතේ ප්‍රහාරයට ලක්‌වූ බස් රියේ සහ එම රියට ආරක්‌ෂාව සැපයූ බන්ධනාගාර බස් රියේ සිටි නියාමකයන් ඒ මොහොතේ ක්‍රියා කළ ආකාරය පිළිබඳව පොලිස් කණ්‌ඩායම් ඔවුන්ගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරගෙන යන අතර ඔවුන් සතු ජංගම දුරකථන සියල්ලම පරීක්‌ෂාවට ලක් කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ අතර මෙම බන්ධනාගාර බස් රථ දෙකේම ගමන් ගත් බන්ධනාගාර නියාමකයන් ගෙන් දෙතුන් දෙනෙකුම පවසා ඇත්තේ ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පාතාල සැකකරුවන් පොලිස් ඇඳුමින් සැරසී සිටි නිසා ඔවුන් පොලිසිය යෑයි කියා වරදවා තේරුම් ගත් බවය.
මෙම ප්‍රහාරවලින් බන්ධනාගාර නිලධාරීහු දෙදෙනෙක් සහ බස් රියේ ගමන් කළ සමයං ඇතුළු පාතාල සාමාජිකයන් පස්‌දෙනෙක් මරුමුවට පත්වූහ.
Saturday, March 4, 2017
සමයං ඝාතනය වූ දිනයේ නිවාඩු ගත් බන්ධනාගාර නිලධාරීන් ගැන පරීක්‍ෂණ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment