ජනපති ඉන්දුනීසියාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 6, 2017

ජනපති ඉන්දුනීසියාවට

ජනපති ඉන්දුනීසියාවට

ඉන්දුනිසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06) ඉන්දුනිසියාව බලා පිටත්ව ගියේය.

ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන ඉන්දියානු සාගර කලාපීය රටවල සංවිධානයේ 20 වැනි සංවත්සරය සැමරීමට සමගාමීව මෙවර රාජ්‍ය නායක සමුළුව උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි.

ඉන්දියානු සාගරය සාමකාමී, ස්ථාවර හා සෞභාග්‍යවත් කලාපයක් බවට පත්කිරීම සඳහා සමුද්‍රීය සහයෝගීතාවය ශක්තිමත් කිරීම, යන තේමාව යටතේ රාජ්‍ය නායක සමුළුව හෙට (07) ජකර්තා නුවරදී ආරම්භ කෙරෙන අතර එදින පෙරවරුවේම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසෙන මැතිතුමා සමුළුව ඇමතීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනිසියාව අතර ධීවර සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත‍්‍රයේ ගිවිසුම් 02 කට ද ජනාධිපතිතුමාගේ මෙම සංචාරය අතරතුරදී අත්සන් තැබීමට නියමිතය.

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දුනිසියා ජනාධිපති අසාදාද මහතා අතර නිල හමුව 08 වනදා පෙරවරුවේ මර්ඩෙකා පැලස් හි දී සිදු කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad