මාලදිවයින් ජනපති ඝාතන උත්සහය-අසත්‍ය චෝදනා ලැබූ ළහිරු නිදහස් කර දෙන්න! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 6, 2017

මාලදිවයින් ජනපති ඝාතන උත්සහය-අසත්‍ය චෝදනා ලැබූ ළහිරු නිදහස් කර දෙන්න!

මාලදිවයින් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට උත්සහ කළ බවට අසත්‍ය චෝදනා කරමින් දැනට මාලදිවයින් බන්ධනාගාරයක රඳවා සිටින මාලඹේ ළහිරු මධුෂංක නිදහස් කර දෙන මෙන් ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ ඥාතීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතගෙන් ඉල්ලීමක් කරයි.

2015 වසරේ ඔක්තෝබර් මස 22 වන දින මාලදිවයින් බලධාරීන් විසින්  ළහිරු මධුෂංක  අත්අඩංගුවට ගත් අතර මහජන කෝලාහල ඇති කිරීම ඔහුට විරුද්ධව එල්ල වූ චෝදනාවය.

රැකියාවක් ලබා දෙන බවට පවසා  ළහිරු මධුෂංකගේ මිතුරෙකු ඔහුව මාලදිවයිනට ගෙන්වාගෙන ඇති අතර පසුව අදාළ මිතුරා මොහුගේ මුදල් ද රැගෙන පළාගොස් ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් පසුව මාලදිවයින් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට උත්සහ කළ බවට සැකපිට  ළහිරු මධුෂංකව ද අත්අඩංගුවට ගෙන ඔහුව සිරගත කර තිබේ.

අනතුරුව  ළහිරු මධුෂංක අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර එහිදී පැවැති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී සාක්ෂිකරුවන් සිව් දෙනෙකුටම ඔහු හඳුනාගැනීමට හැකියාව ලැබී නැත.

ඒ අනුව අධිකරණය මගින්  ළහිරු මධුෂංක නිදහස්  කොට තිබේ.

එහෙත් මොහුට විරුද්ධව එල්ල වූ චෝදනා බරපතළ බැවින් ඔහු නිදහස් කිරීමට රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් අවශ්‍ය බව මාලදිවයින් බලධාරීන් පවසා ඇත.

මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී ඔහුගේ පවුලේ ඥාතීන් බලධාරීන් දැනුවත් කර ඇති අතර  මේ දක්වාත්  ළහිරු මධුෂංක  නිදහස් කර ගැනීමට කිසිඳු පාර්ශවයක් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නැත.

මෙම තත්ත්වය තුළ දැනට මාස 05ක පමණ කාලයක සිට  ළහිරු මධුෂංක  කිසිඳු චෝදනාවක් නොමැතිව මාලදිවයිනේ සිරමැදිරියක රැදී සිටින බව ඔහුගේ බිරිද වන චාන්දනී මධුරංගී මාධ්‍ය වෙත පවසා සිටියේය.

පවතින තත්ත්වය හමුවේ  ළහිරු මධුෂංක  නිදහස් කර ගැනීමට ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහය අපේක්ෂා කර සිටින බව පවුලේ ඥාතීන් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad