ෆේස්බුක් උපක්‍රමයක්: විශේෂ රීති පද්ධතිය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 4, 2017

ෆේස්බුක් උපක්‍රමයක්: විශේෂ රීති පද්ධතිය මෙන්න

ෆේස්බුක් උපක්‍රමයක්: විශේෂ රීති පද්ධතිය මෙන්න

සිය දිවි හානි කරගැනීමේ අවදානමක් ඇතැයි විශ්වාස කෙරෙන ගිණුම් හිමියන් හඳුනා ගැනීමට ෆේස් බුක් සමාගම නව තාක්ෂණික පද්ධතියක් (artificial intelligence) උපයෝගී කර ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කර  තිබේ.

යමෙකු සිය ෆේස්බුක් ගිණුමේ කරන ප්‍රකාශ මෙන්ම ඊට ලැබෙන ප්‍රතිචාර සහ අදහස් දැක්වීම් විශේෂ ගණිතමය රීති පද්ධතියක් (algorithm) හරහා පරීක්ෂා කිරීම තුළින් සිය දිවි නසා ගැනීමට ඉඩ ඇති පුද්ගලයන් කළින් හඳුනා ගැනීමට උත්සාහ කිරීම ෆේස්බුක් සමාගමේ අරමුණ වී ඇත.

මෙම ව්‍යාපෘතිය හරහා මානුෂීය විමර්ශන කණ්ඩායමක් විසින් සිය දිවි නසා ගැනීමේ අවදානමක් පවතින ගිණුම් හිමියන් හඳුනාගනු ලැබීමෙන් අනතුරුව, ඔවුන් සම්බන්ධ කර ගනිමින් එම තත්වයෙන් මිදීමට අවශ්‍ය සහය ලබා දීමට ෆේස්බුක් සමාගම බලාපොරොත්තු වන බව බීබීසි පුවත් සේවය සඳහන් කරයි.

ෆේස්බුක් සමාගම හඳුන්වා දී ඇති එම විශේෂ ගණිතමය රීති පද්ධතිය මේවනවිට පරීක්ෂා කර තිබෙන්නේ අමෙරිකාව පමණි.

ෆේස් බුක් ගිණුම් හරහා කෙරෙන පළකිරීම් සහ අදහස් දැක්වීම් විශේෂ ගණිතමය රීති පද්ධතියක අධාරයෙන් වර්ග කිරීම තුළින් ත්‍රස්තවාදීන් විසින් පවත්වාගෙන යනු ලබන ගිණුම් හඳුනා ගැනීමට ක්‍රියා කරන බව ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පසුගිය මාසයේ නිවේදනය කළේය.

ෆේස්බුක් ලයිව් උපාංගය හරහා සියදිවි නසා ගැනීමේ අවස්ථා මැඩලීමේ නව විධික්‍රම ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති ෆේස්බුක් කළමනාකාරිත්වය මේ වන විට අමරිකාවේ මානසික සෞඛ්‍ය ආයතන කීපයක් සමග සහයෝගයෙන් කටයුතු කරමින් සියදිවි නසා ගැනීමේ මානසික මට්ටමක සිටින ගිණුම් හිමියන් 'මැසෙන්ජර්' හරහා අදාළ සහන ආයතන වෙත යොමු කිරීමේ යෙදී සිටී.

දිවි නසා ගැනීම් වැලක්වීමට ෆේස්බුක් උපක්‍රමයක්

No comments:

Post a Comment

Post Bottom Ad