ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියනු ලබන යුද අපරාධ සොයාබැලීම සඳහා හයිබ්‍රිඩ් අධිකරණයක් ප්‍රායෝගික නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අගමැතිවරයා මේ බව පැවසූයේ ‘ජාතික නීති සතිය -2017‘ නීතිඥ සංකීර්ණ ගොඩනැඟිල්ලේ සංවිධානය කර තිබුණු උත්සවයකට එක්වෙමිනි.
හයිබ්‍රිඩ් අධිකරණයක් අපට අවශ්‍ය වන්නේදැයි ප්‍රශ්න කළ අග්‍රාමත්‍යවරයා සැබවින්ම අපට හයිබ්‍රිඩ් අධිකරණයක් ස්ථාපිත කළ හැකිද, එවන් යෝජනාවක් ගෙන ආවොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට හැකිවේද, එසේ නොමැතිනම් ව්‍යවස්ථා සංශෝධනයකට යාමට සිදුවේද ආදී ගැටළු මතුවන බව ඔහු මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම සත්‍ය සහ සංහිඳියා කොමිසම තුළින් මෙරට ජාතික ගැටළුවට අදාළ ප්‍රශ්න රැසකට පිළිතුරු ලැබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසී ය.
එහිදී දකුණු අප්‍රිකානු ආකෘතිය අධ්‍යයනය කරමින් එහි වැදගත් කරුණු අපට අනුගත කර ගත යුතු බවද ඒ මහතා කියා සිටියේය.
Saturday, March 4, 2017
හයිබ්‍රිඩ් අධිකරණයක් ප්‍රායෝගික නෑ - අගමැති
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment