ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ දෙවන විවාහය හා පුතුන්ගේ ප්‍රතිරෝධ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 4, 2017

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ දෙවන විවාහය හා පුතුන්ගේ ප්‍රතිරෝධ


ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ
දෙවන විවාහය හා පුතුන්ගේ ප්‍රතිරෝධ

ප්‍රවීණ ගායක 75 හැවිරිදි වික්ටර් රත්නායක සම්බන්ධයෙන් මේ වනවිට අන්තර්ජාලයේ පැතිරී ඇත්තේ එක්වරම විශ්වාස කරන්නට අමාරු නමුත් සිදුවිය හැකි සිදුවීමකි.
සිය විවාහක බිරිය මියගොස් වසර 13ක් ගෙවුණු තැන ඔහු අලුත් විවාහයකට පිවිස සිටීමත් 33 හැවිරිදි කාන්තාවක සමග ඔහුගේ නව ජීවිතය ඇරඹිමෙන් පසු දරුවන් ඈත් කර තැබීමත් එම ආරංචියයි.
වාර්තාවන කරුණු සොයා බැලීමේදී එම කතාව ප්‍රබන්ධයක් නොව සත්‍යයක් බව
තහවුරු කරගත හැකි විය.

මේ සම්බන්ධයෙන් ඔහුගේ පුත්‍රයෙකු හා සංගීතවේදියෙකු වන ලෙලුම් රත්නායක සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක් මෙම ආන්දෝලනාත්මක ආරංචිය ස්ථිර කරන්නට හේතු විය.
එහිදී ඔහු සටහන් කර ඇත්තේ තමන්ගේ පියා මාර්තු 1 වනදා මියගිය බවයි.
මෙම කෝපකාරී ප්‍රකාශයට හේතුවී ඇත්තේ තමන්ගේ මියගිය හමෑණියන් වෙනුවෙන් පැවැත්වූ බව කියන දානමය පිංකමකට වසරක් පාසා එක්වූ වික්ටර් මෙවර එයද අලුත් බිරියගේ කීම මත වර්ජනය කිරීමත් තමපුතුන් සමග සබඳතා අත්හරින බවට ඔවුන් අමතා සිදු කරන ලදැයි කියන ප්‍රකාශයකුත්ය.

 වික්ටර් රත්නායක විසින් විවාහ කරගත්තා යැයි පැවසෙන කාන්තාව අමේන්ද්‍රා නැමැති 33 හැවිරිදි බැංකුවකක සේවය කළ (වර්තමානයේ රැකියාවක් නොකරන) තරුණියක් බවත් ඇය සමග අවුරුදු 9 ක් තිස්සේ වික්ටර් ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ බවත් වාර්තාවේ.
වික්ටර් පසුගිය පෙබරවාරිය දක්වා ජීවත්ව සිට ඇත්තේ සිය දියණියගේ නිවසේයි වන අතර පෙබරවාරි 18 වැනිදා වික්ටර් රත්නායකයන්ගේ 75 වන උපන් දිනය දා අලුත් විවාහය ගිවිසගෙන ඇත. මේ වන විට අතුරුගිරියේ පිහිටි වික්ටර්ගේ නිවසේ ඔවුන් පදිංචිව සිටින බව වාර්තාවේ.‘‘ඔයාලා මගේ දරුවො නෙමෙයි. මට දරුවො නෑ. සංගීත වැඩ වලට විතරයි සම්බන්ධ වෙන්නේ. “ ලෙස කියමින් වික්ටර් දරුවන්ව ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන් මෙම කාරණාව නිසා මහත්සේ සිත්තකැවුලපට පත්ව ඇත. වික්ටර් සතු විශාල වත්කම් වලට ආසාවෙන් මේ කියන කාන්තාව ඔහු රවටාගෙන ඇති බව ඔවුනගේ චෝදනාවයි.
පහත පළවන්නේ වික්ටර්ගේ පුත් ලෙලුම් මේ සම්බන්දයෙන් දක්වා තිබෙන ෆේස්බුක් සටහන් දෙකකි.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *