නව ව්‍යවස්‌ථාව සැකසීමට මෙහෙයුම් කමිටුව අඛණ්‌ඩව රැස්‌වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 4, 2017

නව ව්‍යවස්‌ථාව සැකසීමට මෙහෙයුම් කමිටුව අඛණ්‌ඩව රැස්‌වෙයි

නව ව්‍යවස්‌ථාව සැකසීමට මෙහෙයුම් කමිටුව අඛණ්‌ඩව රැස්‌වෙයි
නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදනය කරනු ලබන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුව ලබන සතියේ සිට අඛණ්‌ඩව රැස්‌වී නව ව්‍යවස්‌ථාව සම්පාදනය කර අවසන් කිරීමට තීරණය කොට තිබේ. නව ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීමට අවශ්‍ය යෝජනා ලබාදෙන කමිටු හයේ වාර්තා මේ වන විට ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුව වෙත භාරදී ඇති නිසා එම කමිටුව මෙම තීරණයට එළැඹ ඇත.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුවේ සභාපති ධුරය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දරන අතර, එම මෙහෙයුම් කමිටුවේ අවසන් එකඟතාව පාර්ලිමේන්තුවට වාර්තාවක්‌ ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.
නව ව්‍යවස්‌ථාව සකස්‌ කිරීමට අවශ්‍ය යෝජනා ලබාදීමට පත් කළ කමිටු හයේම යෝජනා මේ වන විට ආණ්‌ඩු ක්‍රම මෙහෙයුම් කමිටුවක්‌ වෙත භාර දී තිබේ. ඒ අනුව එම යෝජනා ඇතුළත් කර සකස්‌ කෙරෙන වාර්තාව පාර්ලිමේන්තුවේ සියලු පාර්ශව වලින්ද අදහස්‌ ලබාගෙන ඉන් පසුව නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සකස්‌ කරන බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad